Popular Posts

May 4, 2013

Kelum's Fantacy...: Dream in fantacy

Kelum's Fantacy...: Dream in fantacy: sihinayen oba samaga sapemini gandeala nisalai wasanthaya himi obata misa mata nowanabawa wetahei muluhadin ma o...

May 7, 2011

මට නුඹ නැති ලොවකූත් නැති





මං හිත ඇති
මට හිත නැති
මට නුඹ නැති ලොවකූත් නැති
නිම් හිම් නැති පෙම් සිතිවිලි
නුඹ පාමුල විසිරෙන හැටි
තුන්යමටම නින්දක් නැති
මා හිත ගිනි ඇවිලෙන හැටි
කෙදිනකයත් නුඹ දන්නැති
මා නුඹ ගැන ලතැවෙන හැටි
...අවන්ති..

Apr 11, 2011

ඔයා.... ඔයා කැමතිද හැමදාම මගේ වෙලා ඉන්න ....

රහසින් සැදී පෙම් සිතිවිලි
ළමැදේ ඔබේ අතුරන්නෙමි
යුග ගී රැඳී සුළඟක් ලෙසින්
සවනේ ඔබේ රැව් දෙන්නෙමි
දෙනුවන් පුරා ඔබ විඳගන්නෙමි
හදවතින්ම මා පිළිගත් ලබැඳි
සිහිනෙන් පවා ඔබ අමතන්නෙමි
ජීවිතේදී මා පැතු සුපෙම්වති

ඔයා.... ඔයා කැමතිද හැමදාම මගේ වෙලා ඉන්න ....

රහසින් සැදී පෙම් සිතිවිලි
ළමැදේ ඔබේ අතුරන්නෙමි
දහසින් සැදී පෙම් සිතිවිලි
ළමැදේ ඔබේ අතුරනෙමි
දෙකොපුල් පුරා තොල් විහිදන්නෙමි

රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්

රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්

ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම් 


නින්දේම සැමදා ඉන්නම් ඔබ ළඟ ඉඳි නම්


පාට ගෑ හීනයේ දෙතොල් මං සිඹින්නම්

මේ ප්‍රේම පාරේ පියමැන්න අපි දෙන්නා 


සිහිනේ සදාදේ ඔය තුරුලේ මං උන්නා 


රෑ මල් නෙළාලා වරලේ ගසාලා


නිල් අහසේ ඔබ එක්ක පියඹා ගියා මං 

Mar 19, 2011

මතකයන්


මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ
යලි ඒවි යැයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ
සිත පුරා ආදරේ කරන්නට මට දැන් කව් රුත් නෑ...
අඬ අඬා මම කල් ගෙව්වත් ඔබ ලැබෙන්නේ නෑ
නොලැබෙනා බව මම කිව්වත් සිත පිලිගන්නේ නෑ
මම නොමැති ලොව කවදාවත් ඔබ තනි වෙන්නේ නෑ
ඔබ නොමති ලොව කවදවත් මට සිතේ සතුටක්‌ නෑ..

සිහිවෙනා හැම මොහොතකදී නොසිතා ඉන්නත් බෑ
හුදෙකලාවේ ඉන්නට සිතුවත් එහෙම ඉන්නත් බෑ
සිත සිතා ඔබ ගැන හැමදාමත් මට අඬන්නත් බැ
ඔබ නොමැති පාලුව මට දනුනත් වෙනස්‌ වෙන්නත් බෑ...............



u mean the world 2 me

if 
i died or travelled far,
I'd write ur name 
on every star,
so 
everyone 
could look up 
see,
that 
u mean the world 2 me

no promises

මග බලා හිඳිමි මා


මග බලා හිඳිමි මා
එනතුරා යලි සිහිනයෙන්වත් 
හිත හදා ගනිමි මා 
නෙත පිරෙන තුරු කඳුළකින්
දුක සේ ගෙවමි මේ කෙටි කලත්
රහසේ මියෙමි මා
ඔබ පැතුම එය නම් 


සිහිනයකි ඔබ

යුග ගණන් අප වෙන්ව ආ මග
සොඳුරු නිම්නෙක එක් වෙලා
දුක් සුසුම් නැති අපේ ලොව තුල
සිනා මල් පෙති විසිරිලා

හිරුට තනි නැත සඳුත් නැත තනිවී 
එකම අහසක හමු වෙලා
ලොවම සසලව බලා සිටියාවේ 
යලිදු අප අද ලං වෙලා

මීදුම් දුමාරයේ

මීදුම් දුමාරයේ සීත හැන්දෑ යාමයේ 


සිහින ඇන්ද සානුවේ 

ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න

කොළ පාට හැලුණු ඈත නිම්නයේ 

කොළ පාට හැලුණු ඈත නිම්නයේ

ඔබයි මගෙ ජීවිතේ..

සුපෙම් සුවඳක්.. අරං
අවිත් සුලඟක්.. ලෙසින්
සදා රැඳෙනූ සිතේ..
ඔබයි මගෙ ජීවිතේ..

හිනා අහුරක් අරං
නැවුම් පතුමක් ලෙසින්
සදා රැඳෙනූ සිතේ
ඔබයි මගෙ ජීවිතේ

පහන් තරුවක් වෙලා
ඔබේ ලෝකය පුරා
හිඳින්නම් සෑමදා
ලඟින් මියෙනා තුරා

ඔබේ සෙවනට වෙලා
දෙපා මුල දැවටිලා
රැඳී ඉන්නම් සදා
හදින් සෙනෙහස පුදා

ඔබේ සුරතල් සිනා
නිවයි දුක් වේදනා
පිරී සිත සැනසුනා
හදේ සෙනෙහස නිසා

බැතින් පෙරුමන් පුරා
ඇවිත් සසරේ සරා
හිතේ නැවතුනු නිසා
මමත් ඔබගේ සදා.





ඟඟ අද්දර

ඟඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී
හද සන්තක විය අනුහස් ආසිරි ගී
ඔබ හමුවේ මා
මුව ගොළු වූවා

ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ
ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ
පිබිදුනි ආශා
ගිනිසිළු සේමා

මල්සර දුනුවර ළමැද හොවාලා
ඉරණම් පවස නිවා
සංසුන් වූ තරමින් නොසැලෙනවද
බාලේ බැඳි රන්දම්
ඔබ හා ආයේ ආයේ පෑහී
තුෂාර සුසුම් හොවා
චමත්කාරයේ රන් රේඛා අප
සැළෙන හදින් දුටුවා

පෙරදා මැවූ සිනා...........

පෙරදා මැවූ සිනා සැඟවී කොහේ ගියදෝ
ඔබ ලඟින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ

මේ සීත පවනැල්ලේ සිත සීතලෙන් ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේ උණුසුම් හඟුම් සිරවී
ඔබගේ සෙනේ මවෙතින් මිදී ලත වේවිනම් මේ ජීවිතේ
නොපිපෙන්න හිරු අයේ කිසිදා මෙසේ

මේ නීල තරු ගොල්ලේ සඳ පාලුවෙන් සරන්නේ
රෑ කලුවරේ ගිලෙන්නේ සිහිනේ දසුන් බොඳවී
ඔබගේ රුවින් ස්වරයෙන් මිදී...

මගේ ළඟ තනියට ඉනු මැනවි .....


ඔබ මා හමුවුන මේ ඉර හඳ යට

කොතැනක සිටියත් මා මළ දවසට

මගේ ළඟ තනියට ඉනු මැනවි 

මගේ ළඟ තනියට ඉනු මැනවි ....


කල්පනා...




" ඔබ හින්ද බෑ මට මේ තරම්

ඉවසන්න කල්පනා

හිත මාගේ කරකවා...

ඔබ ලගට ගත්තේ මා 

හිත මෙන්න නෑ දැන්නම් 

ඔබ මා වශී කළා..... "

ඔබ යන්න.....


      හිත කීරි ගැහෙනවා....මගෙ වෙනදා විදියට...
නුබ මතක ලොවෙ..... සැරි සරන වෙලවට..
නුබ නැතුව බැරි උනත්....උනුහුමකට මා ලඟ..
පෙම් කරන්න බැ.....යලි ගොලු වූ හදකට...
ඔබ යන්න....ඔබ යන්න..... 

මම තාම දන්නේ මා ඔබේ කියා...


හිත වාවන්නේම නෑ....ඔබ ආයෙත් එන්නේ නෑ....
මම තාම දන්නේ මා ඔබේ කියා...කිරිකොඩු මැදියම් රැ...
දුන් හීන එලිවෙන්නෑ...ඔබ තාම දන්නේ ඔබ මගේ කියා...

ඔබ තාම දන්නේ ඔබ මගේ කියා...මම තාම දන්නේ මා ඔබේ කියා...

සුසුමන් කියා නොදුන්නු ජීවිතේ සුපෙම් කතාව
කියා දුන්නේ ඔබමයි ලදේ...//
දෑසත් පියාන ඉන්න බැරිද තාම අවදිවෙන්න
බලා ඉන්නන බෑ මට තවත්...සීතලෙන් මා වෙලී දෙනුවන් පහන් නිවී...
ඔබ යන්නේ ඇයි ආදරී...//

හිත වාවන්නේම නෑ....ඔබ ආයෙත් එන්නේ නෑ....

උකුලේ නිදාන උන්නු කාලේ අයෙ එන්නේ නෑනේ...
තනිවෙන්න බෑ මට ඉතින්...//
කෙහෙරැල්ලේ ගෑවී ගෑවී සුවද සෙව්වේ මා එදා...
ලංවෙලා ඉන්න බෑ ඉතින්...ආදරේ නෑ ඔයා
පාඩුවේ මා හෙලා ඔබ යන්නේ ඇයි ආදරී...

හිත වාවන්නේම නෑ....ඔබ ආයෙත් එන්නේ නෑ....


Mar 18, 2011

ආදරණිය වස්සානේ ........

හීනයකි මට ආදරේ
හැඟෙනවා මට ජිවිතේ 
හීනයට ළඟ ජිවිතේ 
හැඟෙනවා ඔබේ ආදරේ 

වැටෙනකොට කඳුළු ඇවිලිලා
සුවඳ මල් පෙති පරවෙලා
සුවඳ මල් පෙති පරවෙලා
වස්සාන සිහිනේ ඇවිලිලා
සුසුමේ තවරා සැඟවූ සිහිනේ
ආදරණිය වස්සානේ ........



ඔබ මට ආදරෙයි කියා ......

ඔබ මට ආදරෙයි කියා මට දැනෙනවා
ඔබේ ජිවිතේ මම කියා මම දන්නවා
ඔබ මට ආදරේ නොකියා නොදන්නවා වගේ ඉන්නවා...

ඇසෙන් ඇස කතා කර කර ලඟින් ඉඳ සුවඳ වෙනකොට
නොදැක්කොත් හිත හොයනවා, දුරින් හිඳ හිත තැවෙනවා
ඔබ මට ආදරේ කියලා ඔබ නොදන්නවා වගේ ඉන්නවා...

රැ සිහිනෙන් ඔබ පෙනෙනකොට හෙමින් හෙමින් මා සිඹින කොට
දෙතොල් පෙති මගේ තෙමෙනවා, තුරුල්ලේ මා නිදනවා
මම හරි ආදරේ කියලා ඔබ නොදන්නවා වගේ ඉන්නවා ....

ඔබ මට ආදරෙයි කියා ......

සුළඟක් වෙලා





සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ
සෙවනැල්ල වාගේ ඔබ ලඟින් ඉන්න ඕනේ
හමු වූ දිනේ හිත බැඳිලා සෙනේහේ 
මුළු ජිවිතේ ඔබටමයි ආදරේ
සිත් ගත් ලඳේ ඔබ ලඟින් ඉන්න ඕනේ
සුළඟක් වාගේ ඔබ සොයා එන්න ඕනේ

ඔබ නොදනී මුලු ලොවම දනී...


ඇස ගැටෙනා දස දහසක්‌ නෙතු මත ඔබෙ දෑසම මා සෙවූ තරම්...
ඒ නෙතු කිසිදින මා සතු නොව බව දැන දැන මා පෙම් කෙරූ තරම්..
ඔබ නොදනී මුලු ලොවම දනී...

ඔබෙ දෑස්‌ මතින් මා පැතූ පැතුම්...
ඔය නෙතු මගෙමයි පෙරූ පෙරුම්...
ඒ පැතු පැතුමන් ඒ පිරු පෙරුමන්...
කඳුලැල්ලක්‌ වී ගැලූ තරම්...
ඔබ නොදනී මුලු ලොවම දනී...

ඔය නෙතු දැහැනේ සම වැදී මෙමා...
ඔය නෙතු තුල මා සිතූ සිතුම්...
බොදවූ සිතුවම් බිඳුණු හසරැල්...
සොවින් මා ඒ හෙලූ සුසුම්...
ඔබ නොදනී මුලු ලොවම දනී...


එතරම් මිහිරියි ඔබ මටනම්



අහසට සොදුරු ද සද කෙතරම්
ගසකට සොදුරු ද මල කෙතරම්
සයුරට සොදුරු ද රළ කෙතරම්
එතරම් මිහිරියි ඔබ මටනම්

හිත මැද පෙමබරකම් සගවා
යන එන මග ඉගි බිගි කරමින්
හොද නෑ කරනා ඔය දගකම්
දුටුවොත් වෙන අය වෙයි නපුරක්

සුන්දර ඔය වත හින්දම තුන්යම
නින්දක් මට නැතුවා නැතුවා
තිස්සෙම මං වට දැවටෙනු කුමටද
අහන්න මට හිතුනා හිතුනා

සද පහන් රැුයේ

සද පහන් රැුයේ
මේ ....... සද පහන් රැුයේ
උණුහුමක් සොයාගෙන සොයාගෙන ඇවිල්ලා
සැතපෙන්න සොදුරු පෙම් සිහිනයේ
අනේ මම රාත‍්‍රිය උනා නම්

I Love You

 I love the way you look at me,
Your eyes so bright and blue.
I love the way you kiss me,
Your lips so soft and smooth.

I love the way you make me so happy,
And the ways you show you care.
I love the way you say, "I Love You,"
And the way you're always there.

I love the way you touch me,
Always sending chills down my spine.
I love that you are with me,
And glad that you are mine.


මතනෙට නෑවිත් ඉන්න....




සද මඩලට
හිනැහෙන්නට
එපා කියන්න...
වසන්තයට
යලි එන්නට
එපා කියන්න....
මගේ පාලුව
විදගන්නට
මට ඉඩ දෙන්න...
ඔබ
ඈතින් ඉන්න...
මතනෙට නෑවිත් ඉන්න....
                           .....පූර්ණි....

සිහිනයක් මෙනි තවමත් මට...

මල් හීන මවන්
දෙනෙත් අග
සද සරින් මගේ
ලොව වෙත
පැමිණි දවස කුමරුනේ නුඹ
අමතක නොවේවි කිසි දින
මගේ සොදුරු
පෙම් හිත ලග
සද හිරු තරු දිව්රා නුඹ
ආදරෙයි කියූ දිනය
සිහිනයක් මෙනි තවමත් මට
                                         ...පූර්ණි...

Feb 18, 2011

නුඹ

අතීතයේ එක් දිනෙක 
ගැටුණු විට ඔබේ නෙත් යුග
මොහොතකට තනි වුණේ මා සිත
ආදරෙන් විලිබරව


නොපැතුවත් ඔබ සිත් පහස
ලොබ සිතුනි ඉවතලන්නට ඔබෙ නෙත් යුග
නොපෙන්නුවත් රහසේම ඔබට
පෙම් කළෙමි මහමෙරක් තරමට


තනිව උන් මගේ සිතිවිලි ලොවට 
ලං වුණේ ඇයි නුඹ මෙලෙස
නොකියාම සිත්පතුලෙ සැගවුණු දෙය
මගෙ සතුටම පැතුවෙ ඇයි නුඹ


මුලු ලොවක් නිදනා රැුයක
නෙත් යුග පිය නොවුනෙ ඇයිද
කියාගත නොහැකිව ලතව
ඔබත් මමත් පැතූ දෙය කුමක් ද


තනිව උන් නුඹ සිතට
තුරුලු වන්නට සිතුනි සදහටම
ඇයි නිහඩ නුඹ සිත් තවම
නොඉවසිලිව කෑගසයි මගේ සිත


අනන්තය පුරා විසිරි ගිය
බිද දමමින් සිතිවිලි දැහැන
ඇත්තටම පැවසුවේ නුඹේ හඩ
ආදරෙයි මම නුඹට කියාම ද


නිහඩවම උන්නත් මම
කියාගත නොහැකිව හැගුම
නෙතින් ගිලිහුණු කදුලු
පැවසුවේ සත්තයි ආදරෙයි මම ද නුඹට


ගොලු වුවත් අප මුවකමල
හැඩුවෙමි රැු පහන් වන තුරු එකට
නොදෙන්නෙමි හඩන්නට තනිව යලි කිසි දිනෙක
මියෙන මොහොතෙත් මම ආදරෙන් හිදිමි නුඹ තුරුලෙම
.......පූර්ණි........

Oct 30, 2010

the love i feel for you






Nothing's gonna change my love for you.....
You ought to know by know how much I love you.....
The world may change my whole life through but.....
Nothing's gonna change my love for you.......