සමහර කථා තියෙනවා අපේ ජීවිත කතාවම නෙවේ.. හැබැයි ඒ කතාවත් එක්ක පුදුමාකාර විදිහට අපේ ආත්මයන් බැඳෙනවා..
මට ඔෂින් කියන්නේ එහෙම කතාවක්..
ඔෂින්ගේ මේ පුංචි නිවස.. වටපිටාව.. පුංචි දොළපාර.. ඒ සීතල හිම මාවත.. හීතලේ ඔෂින් ඇවිදගෙන යන හැටි.. ගස් හිම වලින් වැහිලා තියෙන හැටි.. පාරවල් හිම වලින් වැහිලා පාළුවට ගිහින් තියෙන හැටි...
කථාව මතක නැතත් මේ පොඩි පොඩි දේවල් මට අනාගතේ ගැන සිහිනයක් පෙන්නුවා.. ඒ හීනයට මේ music එකත් හරියටම mach වුණා.. මගේ පාළු ලෝකයට හීන ගොඩක් ගෙනාවා.. කාලයක් එක්ක ඒ හීන ඔක්කොම යට වුණා.. හැබැයි අළු යට ගිනි පුපුරු වගේ සැරින් සැරේ ඔෂින්ව මතක් කරා.. ඒ හිම මාවත දිගේ පුංචි දෙපා තිය තියා ඔෂින් ගියපු හැටි මතක් කරා..
කට්ටියම අහයි ජපන් යන්නද හදන්නේ කියලා... නැත...
කථාව අවසන් නැති නිසා.. පසුව ලියමි...
පූර්ණි🖋️