Popular Posts

Mar 18, 2011

ඔබ නොදනී මුලු ලොවම දනී...


ඇස ගැටෙනා දස දහසක්‌ නෙතු මත ඔබෙ දෑසම මා සෙවූ තරම්...
ඒ නෙතු කිසිදින මා සතු නොව බව දැන දැන මා පෙම් කෙරූ තරම්..
ඔබ නොදනී මුලු ලොවම දනී...

ඔබෙ දෑස්‌ මතින් මා පැතූ පැතුම්...
ඔය නෙතු මගෙමයි පෙරූ පෙරුම්...
ඒ පැතු පැතුමන් ඒ පිරු පෙරුමන්...
කඳුලැල්ලක්‌ වී ගැලූ තරම්...
ඔබ නොදනී මුලු ලොවම දනී...

ඔය නෙතු දැහැනේ සම වැදී මෙමා...
ඔය නෙතු තුල මා සිතූ සිතුම්...
බොදවූ සිතුවම් බිඳුණු හසරැල්...
සොවින් මා ඒ හෙලූ සුසුම්...
ඔබ නොදනී මුලු ලොවම දනී...


No comments:

Post a Comment