Popular Posts

Mar 19, 2011

ඔබයි මගෙ ජීවිතේ..

සුපෙම් සුවඳක්.. අරං
අවිත් සුලඟක්.. ලෙසින්
සදා රැඳෙනූ සිතේ..
ඔබයි මගෙ ජීවිතේ..

හිනා අහුරක් අරං
නැවුම් පතුමක් ලෙසින්
සදා රැඳෙනූ සිතේ
ඔබයි මගෙ ජීවිතේ

පහන් තරුවක් වෙලා
ඔබේ ලෝකය පුරා
හිඳින්නම් සෑමදා
ලඟින් මියෙනා තුරා

ඔබේ සෙවනට වෙලා
දෙපා මුල දැවටිලා
රැඳී ඉන්නම් සදා
හදින් සෙනෙහස පුදා

ඔබේ සුරතල් සිනා
නිවයි දුක් වේදනා
පිරී සිත සැනසුනා
හදේ සෙනෙහස නිසා

බැතින් පෙරුමන් පුරා
ඇවිත් සසරේ සරා
හිතේ නැවතුනු නිසා
මමත් ඔබගේ සදා.





No comments:

Post a Comment